
සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (23) නැවතත් සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැනට පවතින සාක්ෂි මත පොලිසියේ නිරීක්ෂණ අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි පසුගිය නඩු වාරයේදී අධිකරණය නියම කලේ.
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක ගොනුකළ ලිංගික අතවර පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් මස 06 වනදා සිඩ්නි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඩොලර් 150,000 මුදල් ඇපයක් සහ තවත් දැඩි ඇප කොන්දේසි කිහිපයක් මත ඔහු මුදාහැරුණේ පසුගිය වසරේ නොවැම්බර් 17 වනදායි.
ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද මේ වනවිට අධිකරණය භාරයේයි පවතින්නේ.

නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටව යාමට ඔහුට ඉඩ හිමිවන්නේ නැහැ.