
මත්ද්‍රව්‍ය නීති සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු වරට වරදකට ලක්වන අයෙකුට අවවාද කිරීමක් පමණක් සිදුකරන අතර දෙවන අවස්ථාවේ සිට චෝදනා ගොණු කිරීමට නියමිතයි.
අයිස් සහ හෙරොයින් සම්බන්ධ නීති කිහිපයක් ලිහිල් කිරීමද මේ යටතේ සිදුකෙරෙනු ඇති.

පොලිස් රාජකාරි සරල කිරීම සහ සුලු ප්‍රමාණයන්ගෙන් යුත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ වරදකරුවන්ට නඩු පැවරීම හැකිතාක් අවම කිරීමයි මෙහි අපේක්ෂාව වී ඇත්තේ.
ACT ප්‍රාන්තයද පසුගියදා මත්ද්‍රව්‍ය නීති සම්බන්ධ නීති ලිහිල් කරනු ලැබුවා.
