මෙල්බර්න් පාසල් දෙකක සියලුම සිසුන් හා ඔවුන්ගේ පවුල් සහ කාර්ය මණ්ඩල වෙත​ කොරෝනා පරීක්ෂාව සිදු කරන ලෙසට ඉල්ලීමක්!

මෙල්බර්න් පාසල් දෙකක සියලුම සිසුන් හා ඔවුන්ගේ පවුල් සහ කාර්ය මණ්ඩල වෙත​ කොරෝනා පරීක්ෂාව සිදු කරන ලෙසට ඉල්ලීමක්!

All families and staff at two north Melbourne schools urged to get tested amid fresh outbreak

උතුරු මෙල්බර්න් පාසල් දෙකක් දින 14 ක් වසා තබනු ඇති අතර වික්ටෝරියා නව කොරෝනා වයිරස් රෝගීන්ගෙන් ඉහළ යාමක් දකින බැවින් සියළුම පවුල් සහ කාර්ය මණ්ඩලය කොරෝනා වයිරසය සඳහා පරීක්ෂා කරනු ලැබේ.

වික්ටෝරියා හි නව COVID-19 රෝගීන් 7 ක් අද වාර්තා වී ඇති අතර ඉන් හතරක් Preston ප්‍රදේශයේ වාර්තා වේ. නව රෝගීන් තිදෙනෙකු Darebin හි වාසය කරන අතර, Banule, greater Dandenong, Maribyrnong සහ Wyndham යන සෑම තදාසන්න ප්‍රදේශයකම එක් සිද්ධියක් හමු විය.

මෙම ආසාදිතයින් අතර​ අතර East Preston Islamic College (EPIC) හි ශිෂ්‍යයෙක් වේ. මේ දක්වා මෙම පාසලට ඍජුවම සම්බන්ධ වූ තුන්වන අවස්ථාව මෙය වන අතර තවත් අයෙක් Northcote හි Croxton Specialist පාසලෙන් හමුවිය​.

Croxton පාසල් සිසුවා සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකි. මේ වන විට ඔවුන් සියල්ලෝම කොරෝනා වයිරසය සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇත​ (EPIC හි ඉගෙනුම ලබන සහෝදරයෙකු ද ඇතුළුව). නමුත් සම්බන්ධතා මේ දක්වා එම පවුල අනෙක් EPIC සිද්ධීන් සමඟ සම්බන්ධ කිරීමට නොහැකි වී තිබේ.

රෝග ලක්ෂණ නොසලකා වහාම COVID-19 පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ප්‍රතිඵල ලැබෙන තෙක් හුදෙකලා වී සිටින ලෙසත් පාසල් දෙකෙහිම සියලුම සිසුන්, දෙමාපියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය බලධාරීන් අද East Preston Islamic විද්‍යාලයේ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයක් (Drive-thru) පවත්වාගෙන යන අතර, ඉදිරි දිනවලදී Hume, Banule සහ Darebin හි අතිරේක පරීක්ෂණ මධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව දැන් Broadmeadows හි Sirius විද්‍යාලයේ සහ Dallas හි Ilim විද්‍යාලයේ “ද්විතීයික” සමීප සම්බන්ධතා පරීක්ෂා කරමින් සිටී.

මෙම සිසුන් තහවුරු කරන ලද රෝගීන්ගේ සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔවුන් දැන් සති අන්තයේ නැවත පරීක්ෂා කරනු ලැබේ.

ප්‍රජාවට පහත සඳහන් ස්ථානවල කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වලට ප්‍රවේශ විය හැකිය:
Broadmeadows Central Shopping Centre at north carpark 1099 – 1169 Pascoe Vale Rd, Broadmeadows from 9am – 5pm
Coolaroo Respiratory Centre at 512 Barry St, Coolaroo from 9am – 5pm
Melbourne Airport, Terminal 4 Level 2 (Mercer Dv exit off Tullamarine Fwy) from 9am – 5pm
Craigieburn Health Service, 274 – 304 Craigieburn road from 9am – 5pm
Highlands Hotel at 301 Grand Boulevard, Craigieburn from 9.30am 4.30pm
Austin Hospital at 145 Studley Rd, Heidelberg from 8am – 8pm
Banyule Community Health at 21 Alamein Rd, Heidelberg West from 10am – 4pm
Banyule Community Health at 14 – 32 Civic Drive, Greensborough from 9am – 4pm
Northland Shopping Centre at Target carpark via Murray Rd, Preston from 9am – 5pm
CB Smith Reserve at 79 Jukes Rd, Fawkner from 9am – 4pm

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »