
දකුණු ඔස්ටේ්‍රලියාව තුළ හදිසි ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන 05 ක් අලුතින් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය දුන් පොරොන්දුවක් අනුව ස්ථාපිත කෙරෙන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 50 අතරට ඒවාද අයත් වනු ඇති.
සතියේ දින 07 පුරා පෙරවරු 08 සිට රාත්‍රී 10 දක්වා මෙම මධ්‍යස්ථාන විවෘතව පවතින අතර එමගින් රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල පවතින තදබදය අවම වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර ක්වින්ස්ලන්ඩ් ගිලන්රථ ප්‍රමාදය පසුගිය දෙසැම්බරයේදී තරමක් අඩුවී තිබෙනවා.
ඒ අනුව ගිලන් රථයක් පැමිණෙන තුරු විනාඩි 30 කට වැඩි කාලයක් බලාසිටින රෝගීන් සංඛ්‍යාව පහළගොස් ඇති බව සඳහන්.
