Search

වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාව තුළ ඉහළම වැටුප් වර්ධන වේගය පසුගිය වසරේදී

වසර 10 කට පමණ පසු තනි වසරකදී ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වර්ධන වේගය ඉහළම අගය පසුගිය වසරේදී වාර්තා කර තිබෙනවා.

එය සියයට 3.3 ක් ලෙස පැවති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.

වසරේ අවසාන කාර්තුවේදී වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 0.8 ක් ලෙස පැවතී තිබෙනවා.

පසුගිය වසරේදීත් රාජ්‍ය සේවකයන්ට වඩා පුද්ගලික සේවකයන්ගේ වැටුප් තරමක් වැඩි අගයකින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දෙසැම්බර් කාර්තුවේදී වැටුප් වැඩිවීමක් ලැබී ඇත්තේ පුද්ගලික සේවකයන් අතුරින් සියයට 21 කට පමණයි.

ක්ෂේත්‍ර ලෙස සැළකීමේදී ඉහළම වැටුප් වැඩිවීම් ලැබී ඇත්තේ සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේයි.

අඩුම වැටුප් වැඩිවීම් ලැබී ඇත්තේ අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍ර සඳහායි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »