භාණ්ඩ මිළ ඉහළයාමෙන් Woolworths සහ Coles ඉහළම ලාභ ලබයි

ගතවූ මූල්‍ය වර්ෂයේ අවසාන මාස 06 දී වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාලය විසින් ඩොලර් මිලියන 907 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

එය පෙර වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී සියයට 14 ක ඉහළයාමක්.

2022/23 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී ඔවුන් විසින් භාණ්ඩ අලෙවියෙන් උපයා ඇති මුලු ආදායම ඩොලර් බිලියන 33.2 ක්.

එය පෙර වසරට වඩා සියයට 04 ක ඉහළයාමක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙලෙස ඉහළම ආදායමක් සහ ලාභයක් වාර්තා කිරීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාලය සමත්වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය විසින් භාණ්ඩ අලෙවියෙන් ඩොලර් බිලියන 20.8 ක ආදායමක්ද ඩොලර් මිලියන 616 ක ලාභයක්ද වාර්තා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »