වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම මංකොල්ලකෑම් පසුගිය වසරේ

වසර 10 කට වැඩි කාලයකට පසු ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම මංකොල්ලකෑම් සංඛ්‍යාව පසුගිය වසරේදී සටහන්වී තිබෙනවා.

පසුගිය මාස 12 තුළදී මෙරට නිවාස 194,100 ක් ආශ්‍රිතව කුමන හෝ සොරකමක් සිදුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ.

කොවිඩ් ලොක්ඩවුන් හමුවේ ඔස්ටේ්‍රලියාවේ මංකොල්ලකෑම් සංඛ්‍යාව 2020-21 කාලසීමාවේදී අවම අගයක් වාර්තා කර තිබුණා.

එහෙත් අත්බෑග – ස්වර්ණාභරණ සහ ඇඳුම් සොරකම් කිරීම්වල ඉහළයාමක් පසුගිය මාස 12 දී නිරීක්ෂණය වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

කෙසේවෙතත් මංකොල්ලකෑම් සම්බන්ධ පුද්ගල පහරදීම්වල අඩුවක් පසුගිය වසරේදී වාර්තා වී තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »