2022 දී ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම වැටුප් වැඩිවීමක් හිමිවූ රැකියා 12 මෙන්න

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාව තුළදී වැඩිම වැටුප් වැඩිවීමක් හිමිවූ රැකියා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අනුව සියයට 12.3 ක වැඩිම වැටුප් වැඩිවීමක් ලැබී ඇත්තේ වෙළඳ සහායකයන්ට වන අතර ඔවුන්ගේ වාර්ෂික දළ වැටුප ඩොලර් 57,630 ක්.

මෝටර් රථ කාර්මිකයන්ට සියයට 9.3 ක් – දත්ත විශ්ලේෂකයන්ට සියයට 7.6 ක් – සාමාන්‍ය කම්කරුවන්ට සියයට 7.1 ක් ලෙස පසුගිය වසරේදී වැටුප් වැඩි වී තිබෙනවා.

යන්ත්‍ර ක්‍රියාකරුවන් – ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් – පිරිසිදු කරන්නන් සහ සූපවේදීන් සඳහා සියයට 5.6 සිට සියයට 07 දක්වා වැටුප් වැඩිවිම් ලැබී ඇති බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

විධායක සහයකයන් සඳහා සියයට 5.5 ක සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිගැනීම් නිළධාරිනියන් සඳහා සියයට 4.7 ක වැටුප් වැඩිවිම් 2022 වසරේදී ලැබී ඇතැයි සඳහන්.

ට්‍රක් රියදුරන් සඳහා සියයට 4.4 ක් මෙන්ම හෙදියන් සඳහා සියයට 2.7 ක වැටුප් වැඩිවීම් පසුගිය වසරේදී ලැබී තිබෙනවා.

SOURCE : https://www.9news.com.au/national/aussie-jobs-that-received-the-biggest-pay-rises-in-pictures/3fd89bcb-b50b-48ab-ba6f-870aecb11c5c#2

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »