
මගී විවේකාගාර නවීකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක මුදලක් වෙන් කිරිමට ක්වන්ටාස් ගුවන් සේවය ගෙන ඇති තීරණයට පාර්ශව රැසක් චෝදනා එල්ල කර තිබෙනවා.
පසුගිය වසර 03 තුළදි ඩොලර් බිලියන 07 ක අලාභයක් ලබා ඇති පසුබිමක මෙම තීරණය කිසිදු ආකාරයකින් අනුමත කල නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගුවන් ගමන් ගාස්තුද ඉහළ අගයක පවතින තත්වයකදී එය පාලනයට පියවරක් ගැනීම ක්වන්ටාස් ගුවන් සේවය විසින් පැහැර හැර ඇති බවටත් චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් අවධාරණය කරන්නේ ලක්ෂ 90 කට ආසන්න සිය වාර්ෂික ගුවන් මගීන්ගෙන් සියයට 30 ක් පමණ ව්‍යාපාරික සහ පළමු පන්තියේ ගුවන් මගීන් බවයි.
ඔවුන්ට සුව පහසු ගුවන් ගමනකට අවස්ථාව සළසාදීම ක්වන්ටාස් ගුවන් සේවයේ අරමුණ බවත් ඔහු සඳහන් කලා.
