
බලශක්ති අර්බුදයට නිසි විසඳුමක් සොයනු නොලැබුවහොත් 2027 වසරේ සිට ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළතීරය ආශ්‍රිත නගරවල විදුලි කප්පාදු සිදු කෙරෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ගල් අගුරු බලාගාර වසා දැමීම සහ නව බලාගාර සඳහා ආයෝජන සිදු නොකිරීම මීට ප්‍රධාන හේතු බව සඳහන්.
දැනට ක්‍රියාත්මක ගල් අගුරු බලාගාර 05 ක් ඉදිරි වසරවලදී වසා දැමීමට සිදුවන අතර එමගින් ජාතික පද්ධතියට අහිමිවන බලශක්තිය සියයට 13 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

කෙසේවෙතත් බලශක්ති අර්බුදයකට යාමට පෙර විසඳුම් සෙවීමට ෆෙඩරල් රජය සූදානම් බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.
