Search

ඉදිකිරිම් සේවකයන්ටත් NSW මාර්ග ගාස්තු යළි ලබාගැනීමට අවස්ථාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු නැවත ගෙවීමේ ක්‍රමවේදය යටතේ ප්‍රාන්ත රජය විසින් රියදුරන් වෙත ඩොලර් මිලියන 23 කට වැඩි මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා.

වසරකට ඩොලර් 375 කට වැඩි මුදලක් ගෙවා ඇති රියදුරන්ට ඔවුන් ගෙවා ඇති සමස්ත මාර්ග ගාස්තුවලින් සියයට 40 ක මුදලක් මේ යටතේ නැවත ලබාගත හැකියි.

කෙසේවෙතත් වසරකදී එලෙස ලබාගත හැකි උපරිම මුදල ඩොලර් 750 ක්.

මේ දක්වා රියදුරන් 61,000 කට අධික පිරිසක් මාර්ග ගාස්තු නැවත ලබාගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කලේ.

ලබන 28 වනදා සිට ඉදි කිරීම් සේවකයන්ටද වාහන 02 ක උපරිමයකට යටත්ව මාර්ග ගාස්තු නැවත ලබාගැනීමට මෙහිදී අවස්ථාව පවතිනවා.

ලබන මස පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය ජයගතහොත් මාර්ග ගාස්තුවලින් සතියකට ඩොලර් 60 ක උපරිමයක් දක්වා යළි ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදිමට යෝජිතයි.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »