ඔස්ටේ්‍රලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන් සඳහා අර්ධ කාලීන රැකියාවල නිරතවිය හැකි කාලය දීර්ඝ කර තිබෙනවා.
දැනට අසිමිත පැය ගණනක් සේවය කල හැකි පරිදි වූ නියමය ලබන ජූලි 01 වනදා සිට සති 02 කට පැය 40 ක් ලෙස නැවතත් අඩු කිරීමටයි නියමිත වූයේ.
කෙසේවෙතත් පවතින සේවක හිගය සැළකිල්ලට ගෙන ලබන ජූලි 01 වනදා සිට එය සති 02 කට පැය 48 ක් ලෙස ඉහළ දමා ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව අද නිවේදනය කලා.
මේ අතර තෝරාගත් උපාධි පාඨමාලා කිහිපයක් සඳහා අධ්‍යයන කාලසීමාවෙන් පසු ලබාදෙන Temporary Graduate visa (subclass 485) බලපත්‍රයේ කාලසීමාව තවත් වසර 02 කින් දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවල අධ්‍යයන පාඨමාලා හදාරන සිසුන් සඳහා එම අවස්ථාව උදාවනු ඇති.
කොවිඩ් සමයට පෙර වසරක් ලෙස පැවති එම කාලසීමාව වසර 02 ක් දක්වා දීර්ඝ කෙරුණා.