ටස්මේනියාවේ පාසල් ඛේදවාචකයේ විමර්ශනය ආරම්භ කිරීමට බාධා

පාසල් සිසුන් 06 දෙනෙකුට මරු කැඳවමින් ටස්මේනියාවේ පාසලක මීට වසරකට පමණ ඉහතදි සිදුවු ඛේදවාචකය සම්බන්ධ විමර්ශනය ආරම්භ කිරීමට බාධා එල්ල වී තිබෙනවා.

ඒ ටස්මේනියා සේවා ස්ථාන කොමිසම විසින් අදාළ සිද්ධියට සම්බන්ධ වැදගත් ලේඛන කිහිපයක් මෙතෙක් ලබාදී නොමැතිවීම හේතුවෙන්.

2021 වසරේ දෙසැම්බර් 16 වනදා එළිමහන් ක්‍රීඩාගාරයකදී සිදුවූ අනතුරකින් ළමුන් 06 දෙනෙකු මරණයට පත්වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවවලට එරෙහිව අපරාධ චෝදනා ගොණු කිරීමටයි ටස්මේනියා නීති අංශ සූදානමින් සිටින්නේ.

කෙසේවතත් අවශ්‍ය ලේඛණ නොලැබීම හරහා එය ලබන අප්‍රේල් මාසය දක්වා කල් යනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »