NSW ඔසුසැල් සඳහා නොමිළයේ වෛද්‍ය සහතික නිකුත් කිරීමට බලය

නොමිළයේ වෛද්‍ය සහතික නිකුත් කිරීමට නිවු සවුත් වේල්ස් හි ඔසුසැල් සඳහා බලය පැවරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම සුලු රෝගාබාධ තත්වයන් හමුවේ සේවයට වාර්තා කිරීමට නොහැකි පුද්ගලයන් සඳහා අවශ්‍ය සහතික ද ගාස්තුවක් අයකර ලබාදීමට ඔවුන්ට ප්‍රතිපාදන හිමිවනු ඇති.

අසාත්මිකතාවයන් – උදරාබාධ සහ සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග ඊට යටත්වනවා.

ලබන අප්‍රේල් 01 සහ ජූලි 01 සිට බලාත්මක වන පරිදි රෝග විනිශ්චය තුණ්ඩු නිකුත් කිරීමේ සංශෝධන කිහිපයක්ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම සංශෝධන සඳහා නිවු සවුත් වේල්ස් හි වත්මන් විපක්ෂය වන ලේබර් පක්ෂයේ සහයෝගයද හිමිවී තිබීම විශේෂත්වයක්.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »