ඔස්ටේ්‍රලියානු දෙමව්පියන් Pocket Money අඩු කරයි

ජීවන වියදම ඉහළයාම හමුවේ සිය දරුවන්ට වියදම් සඳහා දෙන මුදල් (pocket money) අඩු කිරීමට ඔස්ටේ්‍රලියානු දෙමව්පියන් විසින් කටයුතු කරමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.

ෆයින්ඩර්ස් ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ දෙමව්පියන් අතුරින් සියයට 10 ක් පමණ පසුගිය මාස 12 තුළදී එලෙස මුදල් කප්පාදු කර ඇති බවයි.

අවුරුදු 12 හෝ ඊට වඩා පහළ දරුවන්ට සතියකට ලබාදෙන මුදලෙහි සාමාන්‍යය 2021 වසරේදී පැවතුණේ ඩොලර් 10 ක් ලෙසයි.

කෙසේවෙතත් පසුගිය වසරේදී එය ඩොලර් 08 ක් දක්වා අඩුවී තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම pocket money මුදලක් හිමිවන්නේ නිවු සවුත් වේල්ස් දරුවන්ට වන අතර එය ඩොලර් 11 ක්.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් දරුවන්ට ඩොලර් 08 ක් සහ දකුණු ඔස්ටේ්‍රලියා හා බටහිර ඔස්ටේ්‍රලියා දරුවන්ට ඩොලර් 07 ක් බැගින් හිමිවන බව සඳහන්.

උද්ධමනය ඉහළයාමෙන් ඔස්ටේ්‍රලිානු දෙමව්පියන්ට වියදම් අධිකවීමයි මීට මූලික වශයෙන් බලපා ඇත්තේ.

මෙම සමීක්ෂණයට සහභාගී වූ දෙමව්පියන්ගෙන් සියයට 73 ක් පවසා ඇත්තේ තමන් දරුවන්ට දෙන pocket money මුදලේ කිසිදු අඩුවක් කර නොමැති බවයි.

සියයට 16 ක් මුදල් ඉහළ දමා තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »