ඔස්ටේ්‍රලියාවට එන සංක්‍රමණිකයන්ට ඡන්දයට ලියාපදිංචිවීම තවත් පහසු කරයි

නව සංක්‍රමණිකයන්ට සහ ස්වදේශික ඔස්ටේ්‍රලියානුවන්ට පහසුවක් සළසමින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා හැකි ක්‍රම පුලුල් කිරීමට මධ්‍යම රජය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ඡන්දය සඳහා ලියාපදිංචි වීමට රියදුරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් අනිවාර්යව පැවතුණා.

නමුත් ෆෙඩරල් රජය ගෙන ඇති නව තීරණයත් සමග ඔවුන්ට මෙඩිකෙයාර් කාඩ්පතක් හෝ පුරවැසි සහතිකයක් භාවිතයෙන් ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අවස්ථාව පවතිනවා.

දැනට මෙරට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති මිලියන භාගයකට අධික ජනතාවක් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව සඳහන්.

සුදුසුකම් ලත් නව පුරවැසියන්ගෙන් 01/05 කට වඩා ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් නොමැති අතර, ආදිවාසී ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 15.5 ක් පසුගිය වසර අවසන් වන විට ලියාපදිංචි වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙරට ඡන්දදායකයින් සඳහා ජාතික ලියාපදිංචි වීමේ අනුපාතය සියයට 97.1 ට වඩා වැඩි අගයක පවතිනවා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »