වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක Woolworths checkouts වෙත අලුත් වෙනසක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක Woolworths සුපිරි වෙළඳ සැල් හි self-checkouts සඳහා නව තාක්ෂණය එක් කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල අලෙවිසැල්වල සඳහා කැමරා මෙන්ම කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය මෙහිදී යොදා ගැනෙනු ඇති.

නිසි ආකාරයෙන් ස්කෑන් නොකරන ලද භාණ්ඩ වර්ග පිළිබඳ පාරිභෝගිකයා එම අවස්ථාවේදීම දැනුවත් කිරීමත් නැවත ස්කෑන් කිරීමට අවස්ථාවක් ලබාදීමත් මේ යටතේ සිදුවනවා.

අදාළ ප්‍රාන්ත 03 හි Woolworths අලෙවි සැල් 250 ක පමණ මේ වනවිට මෙම අත්හදා බැලීම ක්‍රියාත්මකයි.

සේවකයන් පුහුණු කිරීම සඳහාද මෙම තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව Woolworths සඳහන් කලා.

කෙසේවෙතත් මේ හරහා පාරිභෝගිකයන්ගේ පුද්ගලිකත්වයට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොවන බවටයි Woolworths සහතික වන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »