NSW රියදුරන්ට නව මෝටර් රථයක් මිළයට ගැනීමට $ 5000 ක සහනාධාරයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ regional ප්‍රදේශවල වයසින් අඩු රියදුරන්ට නව මෝටර් රථයක් මිළයට ගැනීම සඳහා ඩොලර් 5000 ක සහනාධාරයක් පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ආරක්ෂක ශ්‍රේණිගත කිරීම 01 හෝ 02 මට්ටමේ මෝටර් රථයක් භාවිත කරන වයස අවුරුදු 25 ට අඩු ඕනෑම රියදුරෙකු මේ සඳහා සුදුසුකම් ලබනවා.

එමෙන්ම අවුරුදු 16 කට වඩා පැරණි මෝටර් රථයක් භාවිත කරන නිවු සවුත් වේල්ස් regional හි වයසින් අඩු රියදුරන්ටද ආරක්ෂිත මෝටර් රථයක් සඳහා හුවමාරුවීමටද මේ යටතේ අවස්ථාව පවතිනවා.

නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ සඳහන් කලේ වයසින් අඩු රියදුරන්ගේ මාර්ග ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.

regional ප්‍රදේශවල රියදුරන් 1000 ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතයි.

පළමුවෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව ස්ථිරවම ක්‍රියාත්මක කෙරෙනු ඇති.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »