ඔස්ටේ්රලියාව තුළ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන භාණ්ඩ වර්ග රැසක නව විශාල ලේබලයක් ප්‍රදර්ශනයට පියවර ගෙන තිබෙනවා.
අදාළ නිෂ්පාදනවල අඩංගු මේදය – සීනි සහ ලුණු ප්‍රමාණය පිළිබඳ තොරතුරු එහි අන්තර්ගත කෙරෙනු ඇති.
ඇතැම් ආහාර සෞඛ්‍යයට අහිතකර ලෙසින් දැක්වීම හෝ තරු ළකුණු ප්‍රදර්ශනය සාර්ථක නොවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
වයස අවුරුදු 02 ත් 17 ත් අතර ඔස්ටේ්රලියානු ළමුන්ගෙන් 1/4 ක් පමණ අධි බරින් හෝ ස්ථුළභාවයෙන් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා.
වයස අවුරුදු 18 ට වැඩි පිරිස් අතර එම ප්‍රතිශතය තවත් ඉහළ අගයක පවතින්නේ සියයට 66 ද ඉක්මවා යමිනුයි.