
ඩොලර් 05 නෝට්ටුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ තීරණය විමසා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
එළිසබෙත් රැජිණගේ රුව වෙනුවට චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් කරන්නේද නොඑසේනම් ඔස්ටේ්‍රලියා සංස්කෘතිය විදහා දැක්වෙන සිතුවමක් යොදන්නේද යන්න පිළිබඳවයි එහිදී විමසා ඇත්තේ.
එහිදී ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් දන්වා ඇත්තේ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය විදහා දැක්වෙන සිතුවමක් නිරූපණය වනු දැකීම රජයේ අපේක්ෂාව බවයි.

නව ඩොලර් 05 නෝට්ටුව නිර්මාණය කර ජනතාව අතර භාවිතයට එක් කිරීමට තවත් මාස කිහිපයක් හෝ ඇතැම්විට වසර කිහිපයක් පවා ගතවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.
එතෙක් දැනට භාවිතයේ පවතින රැජිණගේ රුව ඇතුළත් ඩොලර් 05 නෝට්ටුව කිසිදු අවහිරතාවයකින් තොරව භාවිත කල හැකියි.
