NSW ගුරුවරුන්ට $ 4,000 ක විශේෂ දීමනාවක්

කුසලතා වැඩි දියුණු කර ගැනීම සඳහා ගුරුවරුන්ට ඩොලර් 4,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙතුළින් ඔවුන්ගේ වාර්ෂික වැටුප ඩොලර් 120,000 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවයි ප්‍රාන්ත අධ්‍යාපන ඇමතිනී සාරා මිචෙල් පෙන්වා දෙන්නේ.

ලබන මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම යෝජනාව ක්‍රියාත්මක කරන බවටයි නිවු සවුත් වේල්ස් රජය පොරොන්දුවක් දී ඇත්තේ.

එමෙන්ම ඉහළම කුසලතාවයක් සහිත ගුරුවරුන් සංඛ්‍යාව 2025 වසර වනවිට 2500 දක්වා ඉහළ දැමීමද ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර වනවා.

කෙසේවෙතත් මෙම සියලු යෝජනා මැතිවරණය ඉලක්ක කරගත් ඒවා පමණක් වන බවටයි නිවු සවුත් වේල්ස් විපක්ෂය චෝදනා කර සිටින්නේ.

පසුගිය වසර කිහිපය පුරා සිදුකල නොහැකි වූ යෝජනා හදිසියේම ක්‍රියාත්මක කරන්නේ ඇයි දැයි ඔවුන් වැඩිදුරටත් විමසා සිටිනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »