Superannuation ගැන දැඩි තීරණයක් ගන්න යයි

Superannuation අරමුදල් කලින් ලබාගැනීමට ඇති අවස්ථා සියල්ල නතර කල යුතු බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

එය විශ්‍රාම යාමෙන් පසු සැඳෑ සමය අපහසුතාවයකින් තොරව ගත කිරීම සඳහා පවතින්නක් බව සියල්ලන් වටහා ගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

Superannuation අරමුදලින් ඩොලර් 10,000 ක උපරිමයක් දක්වා ආපසු ලබාගැනීමට පසුගිය කොවිඩ් සමයේදී එවක පැවති ස්කොට් මොරිසන් රජය විසින් අවසර ලබාදුන්නා.

එය කිසිදු ආකාරයකින් අනුමත කල හැකි තීරණයක් නොවන බවයි සිඩ්නි නුවර අද පෙරවරුවේ පැවති ව්‍යාපාරික සමුලුවක් අමතමින් අමාත්‍යවරයා කියාසිටියේ.

මේ හරහා සිදුවන්නේ Superannuation අරමුදලේ සැබෑ අරමුණින් ඈතට ගමන් කිරීමක් බවටද ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් චෝදනා කරනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »