$ 20 ක් ගෙව්වොත් ඔස්ට්‍රේලියානුවන්ට ෆේස්බුක් වෙතින් තෑග්ගක්

මුදල් ගෙවා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සේවා භාවිත කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට සහ නවසීලන්තවාසීන්ට මෙම සතියේ සිට අවස්ථාව උදාවනවා.

රජයේ හැඳුනුම්පතක් භාවිත කර අනන්‍යතාවය තහවුරු කරන ඕනෑම අයෙකුට මාසිකව ඩොලර් 20 ක මුදලක් ගෙවා මෙටා වෙරිෆයිඩ් ලෙස නම්කර ඇති මෙම සේවා ලබාගත හැකියි.

ඔවුන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ගිණුම් ඉදිරියේ නිල් පැහැති තහවුරු කිරීම් සළකුණ දිස්වනු ඇති.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් හිමිකාරීත්වය දරන මෙටා සමාගම පවසන්නේ පරිශීලකයන්ගේ ආරක්ෂාව සහතික කරලීම සඳහා මෙම පියවර ගත් බවයි.

ටිවිටර් – ස්නැප්චැට් සහ ටෙලිග්‍රෑම් යන සමාජ ජාල විසින්ද දැනටමත් මුදල් ගෙවා තහවුරු කිරීම් ලබාගත හැකි සේවා ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේදී සිදුවු ඔප්ටස් සහ මෙඩිබෑන්ක් දත්ත වංචාත් සමග රජයේ හැඳුනුම්පත් අන්තර්ජාලයට මුදා හැරීම පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් දෙගිඩියාවක පසුවන බව සඳහන්.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »