Search

වික්ටෝරියා අගමැතිට 3000 යි – පිළිරුවකටත් වරම්

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්, ඔහුගේ රුව දැක්වෙන ලෝකඩ පිළිමයක් නිර්මාණය කරවා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ වික්ටෝරියා අගමැතිවරයා ලෙස දින 3000 ක් කටයුතු කිරීමේ කඩඉම පසුකිරීමත් සමගයි.

1990 වසරේදී එවක පැවති වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදුන් ප්‍රතිපත්තියකට අනුව ජීවමානව සිටියදීම පිළිරුවක් ඉදිකරවා ගැනීමට මේ අනුව ඩැනියල් ඇන්ඩෲස්ට අවස්ථාව පවතිනවා.

2014 වසරේ දෙසැම්බර් 04 වනදා වික්ටෝරියා අගමැති ලෙස පළමුවරට දිවුරුම් දුන් ඔහු රාජකාරි කරන 3000 වන දිනය අදයි.

එවැනි වාර්තාවක් තැබූ 05 වන වික්ටෝරියා අගමැතිවරයා බවදටද ඩැනියල් ඇන්ඩෲස් පත්වනවා.

කෙසේවෙතත් කිසිදු පිළිරුවක් ඉදි කරවා ගැනීමට තමන් තුළ අපේක්ෂාවක් නොමැති බව ඔහු සඳහන් කලා.

කිසියම් අයුරකින් තමා විශ්‍රාම ගැනීමෙන් පසු එවැන්නක් ඉදි කිරීම පසුවට පැමිණෙන වික්ටෝරියා රජයක් විසින් ඇතැම්විට කරනු ඇති බවත් ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »