Search

ක්වීන්ස්ලන්ඩ් පුද්ගලික රථගාල් සම්බන්ධයෙන් සමාලෝචනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලික රථගාල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ නියමිත වේලාව ඉක්මවා වාහන ගාල් කර ඇති පුද්ගලයන්ට අසීමිත ලෙස ගාස්තු ගෙවීමට සිදුවන බවට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගෙනයි.

ඇතැම්විට සාධාරණ හේතු මත රථගාලෙන් වාහනය ඉවත් කර ගැනීම පමා වන අවස්ථාවලදී පවා අධික අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන බවටයි ක්වීන්ස්ලන්ඩ් ජනතාව චෝදනා කර ඇත්තේ.

කෙසේවෙතත් පුද්ගලික රථගාල් කළමණාකාරීත්වය පවසා සිටින්නේ තමන් නියමිත ගාස්තු ක්‍රමවේදයෙන් බැහැරව කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.

රියදුරන්ට ඕනෑම අවස්ථාවක ගාස්තු ක්‍රමවේදය දැනගත හැකි බවත් සැගවුණු ගාස්තු කිසිවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »