
ගතවූ මාස 06 දී ඔස්ටේ්‍රලියාව තුළ මිළ අඩුවූ ආහාර ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා.
සමස්තයක් ලෙස පසුගිය වසරේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ වැඩිවීම සියයට 15 ක් වන අතර අවසාන මාස 06 දී පමණක් භාණ්ඩ මිළ ඉහළයාම සියයට 08 ඉක්මවා තිබෙනවා.
පෙයාර්ස් – තක්කාලි – අලිගැටපේර – ධාන්‍යමය ආහාර – කෝපි ඇතුලු වර්ග රැසක මිල ගණන් සියයට 50 ත් සියයට 200 ත් අතර අගයන්ගෙන් වැඩිවී ඇති බව නවතම සංඛ්‍යාලේඛණවල සඳහන්.

කෙසේවෙතත් තක්කාලි මිල සියයට 28 කින් / ඌරු මස් මිළ සියයට 10 කින් / කුකුල් මස් මිළ සියයට 07 කින් පහළ ගොස් ඇති බවයි වෙළඳපොළ වාර්තා පවසන්නේ.
මෙම දත්ත නිකුත් කර ඇත්තේ Woolworths සහ Coles යන සුපිරි වෙළඳසැල් මගින් ලබාගත් තොරතුරු ආශ්‍රයෙනුයි.
