Search

වෛද්‍යවරුන් පුහුණු ක්‍රමවේදයට සංශෝධන කිහිපයක්

වෛද්‍ය හිගය මගහරවාලීම සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීමේ ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුහුණුවන වෛද්‍යවරුන් රෝහල් සඳහා යොමුකිරීමට ප්‍රාන්ත රජයන්ට වැඩි බලතල ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

දැනට පවතින ක්‍රමවේදය යටතේ පුහුණූ වෛද්‍යවරුන්ට හිමිවන වැටුප් සහ දීමනා අඩු අගයක් ගැනීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ හරහා දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල පිහිටි රෝහල්වල පවතින උග්‍ර වෛද්‍ය හිගය සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

නව නියමු ව්‍යාපෘතිය ටස්මේනියා ප්‍රාන්තයෙන් ආරම්භ කෙරුණු අතර ඉදිරියේදී අනෙකුත් ප්‍රාන්ත වෙතද ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »