Search

නිවු සවුත් වේල්ස් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු දෙගුණයකින් ඉහළට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා හිමිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වසරකට වැටුප් සහිත නිවාඩු 20 ක් ඔවුන්ට ඒ යටතේ හිමිවනු ඇති.

Casual සේවකයන් සඳහාද මෙම නිවාඩු අදාළ කිරීම තවත් විශේෂත්වයක්.

දැනට නිවු සවුත් වේල්ස් සේවකයන් සඳහා හිමිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සංඛ්‍යාව දින 10 ක් වන අතර එය Casual සේවකයන්ට හිමිවන්නේ නැහැ.

මෙවන් සහනයක් ලබාදෙන පළමු ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් බවයි ප්‍රාන්ත කම්කරු අමාත්‍යවරිය සඳහන් කලේ.

පුද්ගලික අංශයද එම තීරණය අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් කියාසිටියා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »