ලේබර් පක්ෂ නිවාස ප්‍රතිපත්තිය වෙනස් වන ළකුණු

ලිබරල් පක්ෂයේ සහ හරිත පක්ෂයේ බලපෑම හමුවේ ලේබර් පක්ෂ රජය විසින් සිය නිවාස ප්‍රතිපත්තිය වෙනස් කරනු ඇති බවට වාර්තා පළවනවා.

යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 10 ක්.

ඒ යටතේ වසරකදී ඩොලර් මිලියන 500 ක වටිනාකමින් යුත් නව නිවාස ඉදි කිරීමටත් ස්වදේශික ජනතාව වෙනුවෙන් නිවාස නවීකරණය කිරීමටත් නියමිතයි.

ඉදිරි වසර 05 තුළදී අඩු පිරිවැය නිවාස 20,000 ක් සහ පොලිස් නිලධාරීන් – හෙදියන් හා පිරිසිදු කිරීම් සේවකයන් සඳහා නිවාස 10,000 ක් ඉදි කිරීමද ෆෙඩරල් රජයේ යෝජනාවට අන්තර්ගතයි.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 10 ක මුදලක් කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව විපක්ෂයේ දැඩි ස්ථාවරය වී තිබෙනවා.

ඒ අනුව නැවතත් සාකච්ඡා කර ඇතැම් තීරණ වෙනස් කිරීමටයි ලේබර් පක්ෂ රජය තීරණය කර ඇත්තේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »