ඔස්ට්‍රේලියාවේ වැඩිම ආදායම් ලබන සංක්‍රමණිකයන් සිටින ප්‍රාන්තය හෙළිකෙරේ

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් නිරතවන රැකියා සහ ආදායම් සම්බන්ධ නවතම තොරතුරු සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට සංක්‍රමණිකයන් නිරත රැකියා අතුරින් සියයට 56.6 කම යෙදී සිටිනුයේ ස්ථිර පදිංචිකරුවන් විසින් වන අතර සියයට 29.5 ක් තාවකාලික සංක්‍රමණිකයන් විසින් නිරත වී සිටිනවා.

ක්ෂේත්‍ර වශයෙන් සැළකීමේදී වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් නිරත රැකියා ක්ෂේත්‍රය වන්නේ පරිපාලන සහ සහායක සේවා වන අතර, සෞඛ්‍ය සේවා – සමාජ සහායක සේවා සහ ආහාර කර්මාන්ත අනෙකුත් ක්ෂේත්‍ර අතරට අයත්.

2019-20 කාලසීමාවට අදාළව සංක්‍රමණිකයෙකු විසින් වසරකදී උපයන දළ ආදායම ඩොලර් 45,351 ක්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම ආදායම ACT ප්‍රාන්තයෙන් සටහන් වන්නේ ඩොලර් 52,439 ක් ලෙසයි.

අඩුම ආදායම ටස්මේනියාවේ සිටින සංක්‍රමණිකයන් විසින් උපයා ඇත්තේ ඩොලර් 31,093 ක දළ වාර්ෂික ආදායමක් වාර්තා කරමිනුයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »