
චීනය විසින් එවන ලද කිසිදු රහසිගත බැලූනයක් මේ දක්වා ඔස්ටේ්‍රලියානු ගුවන් කලාපයෙන් වාර්තා වී නොමැති බව උප අගමැති රිචර්ඩ් මාල්ස් පවසනවා.
අමෙරිකාවෙන් සහ කැනඩාවෙන් එවැනි බැලූන කිහිපයක් පසුගිය කාල සීමාවේදී වාර්තා වුණා.
කෙසේවෙතත් ඒවා චීන රජයේ අනුදැනුමින් එවන ලද ඒවා නොවන බවටයි තහවුරු වී ඇත්තේ.

කිසියම් ආකාරයකින් මෙවැනි ඔත්තු බැලූනයක් ඔස්ටේ්‍රලියා ගුවන් කලාපයට පැමිණියහොත් කල් තියා හඳුනාගැනීමේ පහසුකම් ඇති බවත් උප අගමැතිවරයා සඳහන් කලා.
මේ අතර විපක්ෂ නායක පීටර් ඩට්න් සඳහන් කලේ මෙවැනි තර්ජනයක් ඇති නම් ඒ පිළිබඳ ගැඹුරින් විමසා බැලීම රජයේ අරමුණ විය යුතු බවයි.
