2032 ඔලිම්පික් උත්සවය සඳහා $ බිලියන 07 ක අරමුදලක්

2032 ඔලිම්පික් උත්සවය සඳහා ඩොලර් බිලියන 07 ක අරමුදලක් ස්ථාපිත කිරීමට තීරණය වී තිබෙනවා.

ඊට ඩොලර් බිලියන 3.4 ක ප්‍රතිපාදන ෆෙඩරල් රජය විසින් සපයනු ලබන අතර ඉතිරි ඩොලර් බිලියන 3.6 ක මුදල ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මේ යටතේ බ්‍රිස්බන් ගැබා ක්‍රීඩාංගණය සංවර්ධනය වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් රජය විසින් ඩොලර් බිලියන 2.7 ක මුදලක් ලබාදෙනු ඇති.

ෆෙඩරල් රජය විසින් ඩොලර් බිලියන 2.5 ක මුදලක් වෙන් කර බ්‍රිස්බන් එරීනා (Arena) කලාපය සංවර්ධනය කිරීමට නියමිතයි.

ඊට අමතරව තවත් ක්‍රීඩාංගණ 16 ක් ඩොලර් බිලියන 1.87 ක් බැගින් යොදා ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය විසින් නවීකරණය කරනු ඇති.

ඔස්ටේ්‍රලියානු නගරයක ඔලිම්පික් තරගාවලියක් පැවැත්වෙන 03 වන අවස්ථාව මෙයයි.

මීට පෙර 1956 මෙල්බන් සහ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලි මෙරටදී පවත්වා තිබුණා.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »