පොළී අනුපාතික ඉදිරියේදී තවත් ඉහළට

පොළී අනුපාතික අගයන් ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානි ෆිලිප් ලෝ අනතුරු අගවනවා.

එමගින් ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසකට බලපෑම් එල්ලවුවද ඉහළ යන උද්ධමනය හමුවේ ගත යුතු වෙනත් තීරණයක් නොමැති බවයි ඔහු කියාසිටියේ.

ඉහළ යන උද්ධමනය හමුවේ පොළී අනුපාතික අගයන්ද වැඩි නොකළහොත් සමස්ත ඔස්ටේ්‍රලියානු ආර්ථිකයම කඩා වැටෙනු ඇති බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානියා සඳහන් කලා.

ඔහු මේ බව කියාසිටියේ කැන්බරා ෆෙඩරල් පාර්ලිමේන්තුවේදි පැවැත්වෙන කමිටු විමර්ශනයක් හමුවේ සාක්ෂි ලබාදෙමිනුයි.

අඛණ්ඩව අවස්ථා 09 කදී පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම පිළිබඳවයි මෙහිදී කරුණු විමසා බැලෙන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »