ANZ – NAB ඉතුරුම් ගිණුම් හිමියන්ට සුභ ආරංචියක්

ඉහළ දැමූ පොළී අනුපාතික අගයන් අනුව ඉතුරුම් ගිණුම් සඳහා පොළී බැර කිරීමට ANZ සහ NAB බැංකු තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාස කිහිපයේදී සිදුකල අගයන් ඉහළ දැමීම්වලට සමානුපාතික වන අයුරින් ඉතුරුම් ගිණුම් සඳහා පොළිය බැර කෙරෙනු ඇති.

කොමන්වෙල්ත් සහ වෙස්ට්පැක් බැංකු විසින් පසුගිය සතියේදීම ඉතුරුම් ගිණුම් සඳහා හිමිවන පොළිය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කර තිබුණා.

ANZ සහ NAB බැංකු විසින් අද දිනයේදී මෙලෙස හදිසියේම පොළිය ලබාදීමට කටයුතු කර ඇත්තේ පාරිභෝගික කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් වීමත් සමගයි.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් මාසිකව සිදුකරන පොළී අනුපාතික ඉහළ දැමීම්වලදී නිවාස ණය හා උකස් ණය සඳහා එය ක්ෂණිකව අදාළ කෙරෙන බවටත් ඉතුරුම් ගිණුම් සඳහා නියමිත පොළිය ලබාදීම ප්‍රමාද කරන බවටත් ප්‍රධාන බැංකුවලට චෝදනා එල්ල වනවා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරිමට ඔස්ටේ‍රලියා පාරිභෝගික කොමිසම තීරණය කරනු ලැබුවේ.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »