ඔස්ට්‍රේලියාවේ ධනවත්ම 50 දෙනාගේ වත්කම $ බිලියන 308 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් 50 දෙනාගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුප්‍රකට ෆෝබ්ස් සගරාව නිකුත් කර ඇති නවතම දත්තවල දැක්වෙන්නේ 2019 වසරේදී එය ඩොලර් බිලියන 181 ක් ලෙස පැවති බවයි.

ඒ අනුව කොවිඩ් වසංගත සමය තුළදී මෙරට ධනවතුන්ගේ ආදායමේ මුලු ඉහළයාම සටහන් වන්නේ සියයට 70 ක් ලෙසයි.

2023 වසර සඳහාත් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම චරිතය ලෙසට සටහන් වන්නේ පතල් කර්මාන්ත රැසක හිමිකාරිණිය වන ගිනා රයින්හාර්ට්.

ඇයගේ දළ වත්කම ඩොලර් බිලියන 44 කට අධික වන අතර ලොව 85 වන ධනවත්ම චරිතය වන්නේද ඇයයි.

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා අතර 04 වන ස්ථානයට ගිනා රයින්හාර්ට් ගේ දියණිය වන බියන්කා රයින්හාර්ට් පත්වන්නේ ඩොලර් බිලියන 18 ක දළ වත්කමක් සමගිනුයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »