වසර 04 කට පසු මෙල්බන් උෂ්ණාධිකම දිනය අද

වසර 04 කට පසු මෙල්බන් නගරයේ උෂ්ණාධිකම දිනය අද සටහන් වී තිබෙනවා.

අද දිනය තුළ මෙල්බන් උපරිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 39.2 ක් සටහන් වූ බව සඳහන්.

2018 වසරෙන් පසු මෙල්බන් උෂ්ණත්වය අංශක 38 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

අවසන්වරට මෙල්බන් නගරයේ සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයක් සටහන් වී තිබුණේ 2020 වසරේ ජනවාරි 31 වනදායි.

එමෙන්ම 2021 වසරේ දෙසැම්බර් 19 වනදායින් පසු සිඩ්නි නගරයේද ඉහළම උෂ්ණත්වය සහිත දිනය ලෙස අද වාර්තා වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඇඩිලේඩ් කැන්බරා – ඩාර්වින් සහ පර්ත් යන නගරවලද උෂ්ණත්වය අද දිනයේදී ඉහළ අගයන් සටහන් කරනු ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »