බැංකු ශාඛා වසා දැමීමේ තීරණයේ වෙනසක්

Regional ප්‍රදේශවල වසා දැමීමට තීරණය කල බැංකු ශාඛා 08 ක් තාවකාලිකව වසා නොදැමීමට වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ ප්‍රකාශ ලබාදීමට නියමිතව තිබියදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

කොමන්වෙල්ත් බැංකුවද පසුගියදා නිවේදනය කලේ වසා දැමීමට තීරණය කල බැංකු ශාඛා කිහිපයක් තාවකාලිකව වසා නොදැමීමට පියවර ගන්නා බවයි.

ඔස්ටේ්‍රලියාව පුරා regional කලාපවල බැංකු ශාඛා වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආර්ථිකමය අලාභ සහ මෙහෙයුම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා හමුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා බැංකු ශාඛා 80 කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

ඊට සැබෑ හේතු කවරේදැයි සහ මෙම තත්වයෙන් ගණුදෙනුකරුව්නට වන බලපෑම පිලිබඳවයි සෙනෙට් සභාව විසින් සිදුකරන මෙම විමර්ශනයේදී විමසා බැලීමට නියමිතව ඇත්තේ.

මෙහි අවසාන වාර්තාව ලබන දෙසැම්බර් පළමුවනදා වනවිට නිකුත් කිරීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 ම මේ වනවිට regional කලාපවල තෝරාගත් බැංකු ශාඛා වසා දමා ඇති අතර ඇතැම් ප්‍රදේශවල එකදු බැංකු ශාඛාවක් හෝ නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »