ක්වීන්ස්ලන්ඩ් පොලිස් ඝාතනවල සුළමුල හෙළිවෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම ආගමික අන්තවාදයට සම්බන්ධ බවට තහවුරු වී තිබෙනවා.

26 සහ 29 හැවිරිදි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මෙන්ම සිවිල් වැසියෙකු බ්‍රිස්බන් නගරයට කිලෝමීටර් 300 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකදී ඝාතනය කෙරුණේ පසුගිය දෙසැම්බර් 12 වනදායි.

පොලිස් වෙඩි පහරින් සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් සමග සිටි කාන්තාවකද ජීවිතක්ෂයට පත්වුණා.

මෙය දීර්ඝ කලක සිට සැලසුම්කර පොලිස් නිළධාරීන් ඝාතනය කිරීමක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුව අදාළ ස්ථානයේ තිබී ගිණි අවි ඇතුලු ද්‍රව්‍ය ගණනාවක්ද සොයා ගැණුනා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »