2020 AFL අවසන් මහා තරඟය අද!

2020 AFL අවසන් මහා තරඟය අද​!

The 2020 AFL grand final is here today!

අද දින AFL අවසාන මහා තරඟය බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා තරඟ වදින්නේ ප්‍රබල කණ්ඩායම් දෙකක් වන Richmond සහ Geelong ය.

ඔබ අපේක්ෂා කළ පරිදි, AFL අවසාන මහා තරඟයට​ මේ වසරේ බොහෝ වෙනස් වී ඇත. මෙල්බර්න් හි කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් අවසන් මහා තරගය බ්‍රිස්බේන් වෙත යවා ඇති අතර ලීග් ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි තීරණයක් ගැනීමට සිදු වී ඇත​.

මෙම තරඟයේ ආරම් භය බ්‍රිස්බේන් වේලාවෙන් සවස 6.30 වන අතර අනෙකුත් ප්‍රාන්ත සඳහා වේලාවන් පහත පරිදි වේ.

වික්ටෝරියා / නිව් සවුත් වේල්ස් / ACT / ටස්මේනියාව: රාත්‍රී 7.30 AEDT
දකුණු ඕස්ට්‍රේලියාව: රාත්‍රී 7.00 ACDT
උතුරු ප්‍රදේශය: සවස 6.00 ACST
බටහිර ඕස්ට්‍රේලියාව: සවස 4.30 AWST

මේ වනවිට මෙම තරඟයට අදාල ටිකට්පත් සියල්ල විකිණී අවසන් වී ඇත​. වසර 20 කට වැඩි කාලයක් තුළ පළමු වතාවට, ප්‍රවේශ පත්‍ර කුඩා ප්‍රමාණයක් සතිය මුලදී අලෙවි වූ නමුත්, සියල්ලම ඉතා ඉක්මණින් මිලදී ගන්නා ලදි.

ක්වීන්ස්ලන්ත​ රජය 30,000 ක පමණ පිරිසකට ආසන වෙන් කරවා ඇති අතර ඒවා සියල්ලම දැන් පුරවා ඇත.

මෙහි විකාශන අයිතිය ඇත්තේ චැනල් 7 ට රූපවාහිනී නාලිකාවටයි.  ABC Grandstand සතුව සජීවී ගුවන්විදුලි විවරණයක් ගෙන යනු ඇත​.

මෙම තරඟය​ සඳහා කාලගුණ අනාවැකිය කුමක්ද?
කාලගුණ විද්‍යා කාර්යාංශය සෙනසුරාදා දහවල් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කරන අතර, උදේ සිට ගිගුරුම් සහිත වැස්සක් ඇතිවීමේ අවදානමක් පවතින බව පවසයි.

දවසේ උපරිම උෂ්ණත්වය අංශක 29 ක් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ක්‍රීඩා කාලය වෙද්දී එය අංශක 23 ක් දක්වා පහත වැටෙනු ඇත.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »