දෙසැම්බරයේදී සියයට 3.5 ක් ලෙස පැවති ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ජනවාරි මාසයේදී සියයට 3.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය මාසයේදී තවත් 22,000 ක් පමණ විරැකියාවෙන් පෙළෙන පිරිස අතරට එක්වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ විරැකියා අනුපාතය අඛණ්ඩව ඉහළ ගිය දෙවන මාසය මෙයයි.
කෙසේවෙතත් සමස්තයක් ලෙස පසුගිය වසරේදී මෙරට විරැකියාව ඉතා පහළ අගයක පැවතුණා.
නිවාඩු සමයක් හේතුවෙන් සෑම ජනවාරි මාසයකම සාමාන්‍යයෙන් රැකියා පැය ගණනද අඩු අගයක පවතින බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.