කුසපත් ඇදීමකින් 3,000 කට ඔස්ට්‍රේලියා PR දෙන්න යයි

සේවක හිගය මගහරවාලීම සඳහා කුසපත් ඇදීම් ක්‍රමයක් පදනම් කරගත් නව වීසා කාණ්ඩයක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම යෝජනාව හරහා වසරකට පැසිෆික් දූපත් රාජ්‍යයන්හි පුද්ගලයන් 3,000 කට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතයි.

Pacific Engagement Visa ලෙස නම් කර ඇති මෙම වීසා කාණ්ඩය අධියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනු ඇති.

පළමුවෙන් අදාළ පැසිෆික් රටවල පුද්ගලයන් ඩොලර් 25 ක මුදලක් ගෙවා ලියාපදිංචි විය යුතුයි.

අනතුරුව කුසපත් ඇදීමක් හරහා තෝරාගන්නා පිරිස් සඳහා පමණක් වීසා සඳහා ඉල්ලුම් කිරීමට ඉඩකඩ හිමිවනවා.

වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම / ඉංග්‍රීසි භාෂා නිපුණත්වය / යහපත් චරිතයක් සහ සෞඛ්‍ය තත්වයකින් පසුවීම මූලික අවශ්‍යතා වනවා.

සුදුසුකම් සහිත පුද්ගලයන්ට පවුලේ සාමාජිකයන්ද සමග ඔස්ට්‍රේලියාවට පැමිණ ස්ථිරවම පදිංචි විය හැකියි.

ලබන ජූලි මාසය වනවිට නව වීසා කාණ්ඩය බලාත්මක කිරීමයි ෆෙඩරල් රජයේ අරමුණ වන්නේ.

SOURCE : https://www.abc.net.au/news/2023-02-16/government-announces-3-000-visas-for-pacific-workers/101981264

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »