ඉතිරිකිරීමේ ගිණුම් සඳහා පොළී ප්‍රමාදවීම ගැන විමර්ශනයක්

ඉතිරිකිරීමේ ගිණුම් සඳහා පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමේ ප්‍රතිලාභ ප්‍රමාදවීමට හේතු කවරේදැයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උකස් සහ නිවාස ණය සඳහා වැඩිවන පොළී අනුපාතිකයන් ක්ෂණිකව වැඩි කෙරුණද ඉතුරුම් ගිණුම් සඳහා පොළිය බැරවීම පමාවන බව සඳහන්.

මෙම වාර්තාව ලබන දෙසැම්බර් මාසය වනවිට ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් වෙත ලබාදීමට නියමිතයි.

ණය පොළී අනුපාතික ඉහළයාමෙන් ප්‍රධාන පෙලේ බැංකු අසීමිත ලෙස ලාභ උපයන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ අතර ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී ෆිලිප් ලෝ අද දිනයේත් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

අඛණ්ඩව අවස්ථා 09 කදී පොළී අනුපාතික ඉහළ දැමීම සහ එමගින් ඔස්ටේ්‍රලියානු ජන ජීවිතයට ඇතිවූ බලපෑම පිළිබඳවයි මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »