ඔස්ටේ්‍රලියාවේ සැබෑ විරැකියා දත්ත 03 ගුණයකින් ඉහළ අගයක

ඔස්ටේ්‍රලියාවේ සැබෑ විරැකියා දත්ත, නිල සංඛ්‍යාලේඛණවලට වඩා 03 ගුණයකින් පමණ ඉහළ අගයක පවතින බවට නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව මෙරට විරැකියා අනුපාතය පවතින්නේ සියයට 3.5 ක් ලෙසයි.

එහෙත් නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ එහි සැබෑ අගය සියයට 10.7 ක් බවයි.

පසුගිය මාසයේදී විරැකියාවෙන් පෙලුණු සංඛ්‍යාව 223,000 ක් ලෙස පැවති බවත් එය 2021 වසරේ මාර්තු මාසයෙන් පසු සටහන්වූ ඉහළම අගය බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ ව්‍යාපාර පිළිබඳ විශ්වාසය 2010 වසරෙන් පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »