වික්ටෝරියානුවන්ට රිය ධාවනයේදී දුරකථනය දෙස බැලීමත් තහණම් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු නීති වල කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ලබන මාර්තු 31 වනදා සිට සිදුකර තිබෙනවා.

ඒ අනුව L සහ P පුවරු රියදුරන්ට දුරකථනයේ වාදනය වන ගීතය වෙනස් කිරීමට අවශ්‍ය නම් වාහනය නතර කර එය සිදුකිරීම අනිවාර්ය වනු ඇති.

ඔවුන්ට කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමටද අවසර හිමිවන්නේ නැහැ.

එම නීති කඩ කරන අයෙකු වෙතොත් ඩොලර් 555 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් පැණවීමට නියමිතයි.

පූර්ණ රියදුරු බලපත් සහිත රියදුරන් සඳහාද ලබන මස 31 වනදා සිට සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ටද රඳවා නොමැති (unmounted) ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව රථයේ ගමන් ගන්නා වෙනත් අයෙකු සතු දුරකථනයක් දෙස බැලීම පවා තහණම් වනු ඇති.

https://www.9news.com.au/national/new-road-rules-to-target-distracted-drivers-in-victoria/4cb9cedf-852e-4ebb-a0ca-5ac1b940cc68

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »