Woolworths ජනප්‍රිය ප්ලාස්ටික් බෑග් අද සිට තවත් ප්‍රාන්ත 02 ක ඉවතට

වූල්වර්ත්ස් සත 15 නැවත භාවිත ප්ලාස්ටික් බෑග් ක්වීන්ස්ලන්ඩ් සහ ACT ප්‍රාන්තවල වෙළඳසැල්වල භාවිතයෙන් ඉවත් කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

සති කිහිපයක් තුළදී එම ප්‍රාන්ත දෙකෙහි සියලුම වූල්වර්ත්ස් අලෙවිසැල්වලින් අදාළ ප්ලාස්ටික් බෑග් ඉවත් කෙරෙනු ඇති.

මේ හරහා එක් ප්‍රාන්තයකින් වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 1,630 ක් පරිසරයට එක්වීම වළකිනු ඇතැයි තක්සේරු කර තිබෙනවා.

පසුගිය වසරේදී දකුණු ඔස්ටේ්‍රලියා – Northern Territory සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල මෙම තීරණය ක්‍රියාත්මක කෙරුණා.

ලබන ජූනි මාසය වනවිට සියලුම ප්‍රාන්තවල සිය අලෙවිසැල් වලින් වූල්වර්ත්ස් සත 15 නැවත භාවිත ප්ලාස්ටික් බෑග් ඉවත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »