
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාහන නැවතුම් ටිකට් (parking tickets) නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙනවා.
ඒ අනුව නාගරික කවුන්සිල 36 ක් විසින් මින් ඉදිරියට මුද්‍රිත ටිකට් වාහනයේ ඉදිරිපස තැබීම සිදු නොකරන අතර ඒ වෙනුවට ඊ-මේල් මාර්ගයෙන් යොමු කෙරෙනු ඇති.
කෙසේවෙතත් මෙමගින් අදාළ නිවේදනය රියදුරන්ට ලැබීම සතියකට ආසන්න කාලයක් ගතවනු ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

ඉදිරිපත් වන අදහස් සැළකිල්ලට ගෙන සිදුකල යුතු ඇතැම් සංශෝධන සිදුකරන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් කියාසිටියා.
