Search

ඉදිරි දින 02 තුළ වික්ටෝරියා උෂ්ණත්වය අංශක 40 ඉක්මවන ළකුණු

ඉදිරි දින 02 තුළදී වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

අද මෙල්බන් උෂ්ණත්වය අංශක 31 ක් ලෙස පැවති නමුත් හෙට දිනයේදී අංශක 35 දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් වික්ටෝරියා කලාපවල උෂ්ණත්වය අද දිනයේදී අංශක 36 ක් ලෙස සටහන් වන අතර ඉදිරි දින 02 තුළදී අංශක 40 දක්වා වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ටස්මේනියා – බටහිර ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල උෂ්ණත්වය සැළකිය යුතු අන්දමින් ඉහළ නොයනු ඇති බවටත් අංශක 30 සීමාවේ පවතිනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ලබන ඉරිදා දිනයේදී අංශක 50 කට ආසන්න වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »