ඔස්ටේ්‍රලියාව තුළ බැටලු මස් මිළ කැපී පෙනෙන ලෙස පහළ යන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ බැටලු මස් මිළ ගණන් ඉදිරි දිනවලදී කැපී පෙනෙන ලෙස පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

මෙරට බැටලුවන් සංඛ්‍යාව 2007 වසරෙන් පසු ඉහළම අගයට පත්වීම සහ බැටලු මස් නිෂ්පාදනය ඉහළයාම ඊට හේතුවයි.

2020 වසරේදී මිලියන 64 ක් ලෙස පැවති ඔස්ටේ්‍රලියාවේ බැටලුවන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 79 කට ආසන්න වී තිබෙනවා.

පැවති ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල බැටලු මස් නිෂ්පාදනය අඩාල වුවද ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේ්‍රලියාව – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

නවසීලන්තයේ බැටලු මස් නිෂ්පාදනය අඩුවීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ බැටලු මස් කර්මාන්තය මෙම වසරේදී කැපී පෙනෙන වර්ධනයක් අත්කරගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලොව ප්‍රධානතම බැටලු මස් අපනයනකරු වන්නේද ඔස්ටේ්‍රලියාවයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »