ඔස්ටේ්‍රලියාවේ ඉදිකිරීම් හා පතල් රැකියා 6,000 ක් – ආසියාවට වැඩි ඉඩක්

අංශ රැසක පවතින දැඩි සේවක හිගය පියවා ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍යය – ඉන්දියාව සහ පිලිපීනයෙන් සේවකයන් ගෙන්වා ගැනීම කෙරෙහි Northern Territory ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ආගන්තුක සත්කාර – ඉදි කිරීම් සහ පතල් යන කර්මාන්තවල සේවකයන් 6,000 ක පමණ හිගයක් පවතින බව සඳහන්.

එහි මූලික පියවරක් ලෙස මහා බ්‍රිතාන්‍යයෙන් සේවකයන් 100 දෙනෙකු නුදුරේදී ආගන්තුක සත්කාර අංශයට එක්වීමට නියමිතයි.

ඉදිකිරීම් සහ පතල් කර්මාන්තවල පවතින රැකියා පුරප්පාඩු 5,000 ක් සම්පූර්ණ කිරීම සඳහා ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන් සේවකයන් බඳවා ගැනීමටයි තීරණය වී ඇත්තේ.

ලබන මැයි සහ ජූනි වල සිට පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීම වේගවත් කිරීමටද Northern Territory ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

පළමුවෙන් වසර 04 ක රැකියා බලපත්‍රයක් නිකුත් කෙරෙන අතර වසර 03 ක් අවසානයේදී ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමටත් මෙහිදී අවස්ථාව හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »