
ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ යෝජනා ඇතුළත් වාර්තාව අගමැති ඇන්තනී ඇල්බනීස්ට භාර දී තිබෙනවා.
වත්මන් ආරක්ෂක සම්පත් මෙන්ම ඉදිරියේදී අවශ්‍ය උපකරණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඊට ඇතුළත්.
මීට අදාළව ෆෙඩරල් රජයේ ප්‍රතිචාරය ඉදිරි සතිවලදී ලැබීමටයි නියමිතව ඇත්තේ.

පැසිෆික් සාගර කලාපයේ චීන තර්ජන සහ හමුදා ක්‍රියාකාරකම් ඉහළ අගයක ගැනීම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
යුධ හමුදාව සඳහා වියදම් අඩු කර ගුවන් සහ නාවික හමුදා සඳහා වන ප්‍රතිපාදන වැඩි කිරීමටද පියවර ගැනෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වසර 35 කට පමණ පසු ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සඳහා සිදුකරන දැවැන්තම සංශෝධනය මෙය වනු ඇති.